Tuesday, June 19, 2012


මිතුර
හැම වැහි බිඳුවක් ම
සොරා ගත්තේ
ඇගේ ශෝකයේ
පිළි රූ

අවජාතක යැයි
නම් ලද දරුවන්
ගැබේ දරාගෙන
ඈ හෙලු සුසුමන්

සැළමුතු ඈ පෙම
සුහුඹුල් පණුවන්
හැර ගිය මිණි මුතු
ඈ ලද අවමන්
දුකින් දිගටි කළ
මුව සඟවාගෙන
දිය කළ දිවි දිය
දිග හැඩ වැහි පිළි

මිතුර
හැම වැහි බිඳුවක් ම
ඇගේ ශෝකයේ
පිළි රූ

No comments:

Post a Comment