මං හැමදාම ඔෆීසියේ වීදුරුවෙන් පාර දිහා බලන් ඉන්නවා.. වැස්ස.. අව්ව.. මන්දාරම... කඳු අතර වගේ කවදාවත් නැඟුණෙ නෑ මීදුම් වලා.. සේද ඇඳුම් ඇඳගත් සුරංගනාවියන් කවදාවත් පාවෙලා ගියේ නෑ.. අශ්වයන් පිට නැඟුණු කුමාරවරු කවදාවත් දුටුවෙ නෑ..
සුදු ඇඳුමෙ කහට මල් රැඳුණු ලැජ්ජාවෙන්, චකිතයෙන් විටෙක මහ හඬින් හිනාවුණු පාසල් යන එන දරුවන්.. කඩිමුඩියෙ ඇවිද යන ගැහැණු මිනිස්සු.. හුස්මක් ගන්නවත් වෙලාවක් නැති ව ලෝකය වේගයෙන් දුවන හැටි..
ඔව්, මං බලන් හිටියා..
No comments:
Post a Comment