Sunday, July 29, 2012

දයාර්දවයේ තඩාගය අම්මා


ආදරය නම් විලෙහි සුපිපුණ
සනාතන සුදු නෙළුම අම්මා
කඳුළු දියවර හදට ඉසිමින
සෙනෙහසට පින් පුරන අම්මා
අම්මා
දයාර්දවයේ තඩාගය අම්මා

හෙටක් තනනට මගේ ලෝකෙට
ගොයම් යායට මැදි ව දිරියෙන
මට මැ කැප වූ ඔබේ දෑතින්
වියැට අහුලන අම්මා
මහාමායා නුඹයි මගෙ අම්මා

මිරිඟු දිය මුල ඉසිඹුලන සඳ
ජීවිතය ගෙන අකුරු කරමින
මගේ අහසට පිපුණු සඳ වර
සුගුණ පුද දෙන අම්මා
සමන්ගිර මට නුඹයි මගෙ අම්මා


No comments:

Post a Comment