Saturday, July 14, 2012

රෑ වැඩ ඇරී එන යුවතිය

වියරුව දෙ අත් ඔසවා
හඹා
එන අඳුර
ගිල
ගනීදැයි බියෙන්
දුවන්නී

චීත්ත ගවුමේ පිපී ඇති
මලක් බිම හැලේදැයි
වියරු සුළඟට හසුව
මල් සුවඳ මැකේදැයි
ගෙයි කනාමැදිරි හුළ
දැන් දැන් එබේ දැයි
විපරමින ගැහි ගැහී
දුවන්නී

 

 

 

 

 

No comments:

Post a Comment