Saturday, July 14, 2012

දුම් රිය වළප

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



දුම්
රිය වළප
කඳු
හිස් දැදුරු කොට
මතු
විය
අනේ
...පව් නොවේදැයි
කරුණ
කිම දුක් වන්ට
රේල්
පීල්ලක් වී
සිටියෙමී
දුක් ගන්ට

සිහිල්
විලි දියවරින්
වත
මඬල දොවා ගෙන
නෙතු
පියන් මෑත් කොට
බැලූවෙමි

දුම්
බාන කඳු අතර
දැන්
දැන්.. දැන්...
මතුවෙතැයි

ලතා ඔබ
 නැළවි
නැළවී
හදවත්
ඉස්ටේසම බලා
වැළඳ
ගත්තේ සෙනෙහසින් මම

නැවතුණා
ඔබ - ම'හිත් දොර ළඟ
හිනැහුණා
මොහොතක් - ළසෝ ගිනි හැර
පැතු
පරම පැතුමක් - ආදරය ගැන
ඔබේ
හූ හඬ ඇසිණ - සිහිනයෙන් මෙන

හිටි
වන
වියරු
වී කෝපයෙන්
ගිනි
අඟුරු ඇස් කරකවා
රව
රවා
අඩි
බිම ගසා
කණ
කටුක බස සවන් පුරවා
සරදම්
ඇස් ඔසවා
කුච්
.. කුච්.. කුච්...
අවමනින්
බලා
මා
පාගා පෙළා නික්මුණා.......
ඔබ

Picture - Kusal Kanushka Suraweera

No comments:

Post a Comment