Saturday, July 14, 2012

පාපැදියක් හිමි මිනිසෙක්මි

Normand Hudon - Le Reverend Antoine

කෙටි ගමන් මිස දුර ගමන් නොයන

පාපැදියක් හිමි මිනිසෙක්මි
මම

නුඹේ හුස්මෙන් හුස්ම ලන
හිතේ සතුටින් කැරකෙන
පා ඇති පැදිය ගෙන
පැදි කිය කියා ගමනෙ යන
පාපැදියක් හිමි මිනිසෙක්මි
මම
බොහෝ අය දුවන ලෝකෙක
නිවී හැනහෙන ගමනෙ යන
කඳු නිම්න තැනිතලා
ගැඹුරට ම කියවන
දෙව්ලොවට වුව ද නුඹ
රැගෙන සුබ ගමන් ඇති
පා පැදියක් හිමි මිනිසෙක්මි
මම
පාලකයනට හිස නොනමන
අනුන් පිහිටින් නොයැපෙන
හිස කෙළින් කර වැජඹෙන

පා පැදිය හා මිතුරු වුණ

පාපැදියක් හිමි මිනිසෙක්මි මම

Picture -
Normand Hudon, Canadian,  born 1929

No comments:

Post a Comment