Saturday, July 14, 2012

ආකාස වළල්ලක

Paul Marcoux, Miroir XCIV

නිබන්ධනයක් ලියන රිසියෙන්

ඔන් ලයින් වන වැදී
මම ගියා එක් දිනෙක
ආකාස වළල්ලක
ගැහැණුන් උනන සළු පිළි
දැක තඩිසි මගේ ඇස්
ඇස් පියා සිහි කළෙමි
උගත් දහමෙහි සිසිල
රාගයක ලෝලයක්
ගැවසි එළි පුඤ්ජයක්
දැවි දැවී දෑස පිට
සතර මහ අපායක්
එන්න එන්න කිම්ද නිහඬ ව
ම වෙත පාවෙන ලියුම් පොදි
දුටුව සෝකෙන් තෙත් ව වැහැරිණි
ලෝ සතට පුදනට අමා පැදි
විමසුවෙමි මම ගැහැණියකි ඇය
කිම්ද මේ ලෙස දිවි ගෙවන්නේ
ඇයට නොවැටහිණි මා ලියූ දෑ
දුක් වෙමින් ඈ වෙහෙස ගත පෑ

නොහොබිනා දේ දකින හැම විට
ආසියාකරයේ පුරුද්දට
ගලා හැලෙනා දයා කරුණා
පරිගණක මා නිවා දමුවා!!

Picture -
Paul Marcoux, Canadian, Born 1966

No comments:

Post a Comment