Saturday, July 14, 2012

උදා වී නම් සොඳුරු සිහිනය



උදා වී නම් සොඳුරු සිහිනය
ගිම්හානය ද සකි ගිම් නිවනු ඇත
මල් කැකුළු පිබිදුණු අහස මත
මොට්ටුවෙන් ලේ නොපෙරෙනු ද ඇත

කොළ පාට කඳු රවුම් මත
ඉපල් වූ ගස් නොඉපදෙනු ඇත
බංගලාවේ සිරි යහන් මත
සිහින පුපුරා නොදෙදරනු ඇත

මුහුණු ගවසා කඳුළු සුහසා
දෙරණ ඉඹ නොපෙනී නොයනු ඇත

උදා වී නම් සොඳුරු සිහිනය
ගිම්හානය ද සකි ගිම් නිවනු ඇත

Picture - Christian Schloe, Chilean, The Messenger

No comments:

Post a Comment