Saturday, July 14, 2012


ගිරග හුදෙකලා වුණු සඳ ළසඳ
අහස සිදුරුව වැටිණ මුදු ළපල
ගිලිහි අතැඟිලි සිහි ව සිහිනයෙන
සිසිරයේ පැළඳි මල මිය ඇදිණ

ගිරිඳ ළය පුපුරා හැලිණ
ගගන'ඟන රත පෑ නැඟිණ
ගංගාව ගාව ලෙය කැටි ගැහිණ
තිසර ගේ පද ගං පත්ලේ මැකිණ









No comments:

Post a Comment