Saturday, July 14, 2012


කිරි බුදු අප්පොච්චියේ නැත අඬහැරය අද
කෙත් කත හැර ගොසිනි හිමි කමත පිටිසර
කඳු තනිකමිනි අම්බරු පෙළ නැති සොවින
ගම වන මලද සෙයිලං අව්වට වැටිණ

දං දමුණු ද මොර පලු පර වී හැලෙනා
පොද පොද වහින ළදරු බණ දුරට යේයා
කෙත වන් ඇඹුල හා කුරණිය දොසේයා
පුන් කුඹු ගොයං දැති පහරින සැලේයා










No comments:

Post a Comment