Tuesday, August 21, 2012

කැඩපත හැම විට ම
ශෝකබරිත මුහුණක් ම
පෙන්වන
මිදුණු හිම කැට
සලිත කරවා සිය වත මත

ලිහී ගිලිහුණු අතැඟිලි
ගම් පියස් බෝ දුර කලි
කතර කර්කශ ජීවිතේ
වැටී වෙහෙසෙන පිය හිමී
සිහි ව කඩතොලු ඉරී ගොස් ඇත
මුහුණ මත සොඳ කැඩපතේ

සොයන්නට දර වනන්තර නැති
රටක ඉපැදී හදේ ගින්නෙන්
කඳුළු සමඟින් පිසින මසවුළු
පාට හළ සායම් ගවුම් පොඩි
තුරුළු කරගෙන රුවැති බිරීඳක්
කෙසඳ බල ගත දරා හිඳිමින්
සිහි ව කැටයම් ඉරිතැලී ඇත
මුවග මත සොඳ කැඩපතේ


No comments:

Post a Comment