Tuesday, September 25, 2012

ආච්චීගේ එම්බාම් කළ දෙණ
පෙට්ටියෙහි තබන කල
සෙල වී ගියා ඈ ගෙල
'එපා' යි හීන් හඬක් මතු විය මා මුවින්
නොසිතීමි එය ඇසිණැයි කිසිවෙකුටත්

එහෙත් මල්කරු මා දෑස බලා
කීවේ ය කිසිදා නොපළ කතාවක්
මා ඇසින් වගුළ යනු පිණිස

ඉන් පසු නොපෙනිණ කිසිත් මල් දම් මට
නොහෙලුවෙමි එකදු කඳුළක් මම
පෙට්ටියේ මුව වසා අවසන
වන්දනා කළෙමි ඇගෙ පෙම
බොහොම නිසල ව ශාන්ත ව
ඔසවා ගෙන ඇය හදවතින
මිහිදන් කළෙමි මතක කරඬුවෙහි
මා පෙට්ටියක තැබෙන තුරු
නොම දිරා පවතිනු වස්
බැතියෙන් විකසිත ව

1 comment:

  1. හ්ම්.. අද මයි මේ සයිට් එකට ආවේ.හොද නිර්මාණ ටිකක් දැක්කා.සුබපතනවා ලියන්න දිගටම.මගේ උපරීම සහයෝගය ඔබට !

    ReplyDelete