නෙරළු තුර තුර ඇවිද
කටු අතුළ අඩි පාරවල
දුටු සපුට මලකුදු නොමැති ව ම
අතරමං නොවී ගෙයි දොර
සොයා එන්නට පාර පෙන්වූ
දේවතා එළිය නුඹ
ප්‍රේමයේ වදනින් ම නිමැ වූ
ගැහැණිය ය ඔබ
මගේ දරුවන් වදා වැහැර ව
කෘශ ව ගිය ගත රටා නොම තැක
දරු සිත්හි නෙක නැවුම් ගුණ තල
රටා මැව් මුදු නිසාකත
ලොවක හදවත ගැහෙන අරුමැසි
රිත්මය ය ඔබ
ගැහැනිය ය ඔබ
ප්‍රේමයෙන් නිමැවූ
පා පැදිය ගෙන 'පලා' යැයි
මුමුණ මුමුණා ගෙන් ගෙටා
යන්ට එළවළු පෙට්ටිය
පුරා දුන් ඔබ
පලා නොම ගිය
ජීවිතේ සිතුවම
දහදියෙන් වෙහෙසින් ම
පාට කළප්‍රේමය ය
ජීවිතේ අත්තිවාරම
සදා දුන් ප්‍රේමය
අමාවක සඳ
බදා මා හද
දුක බෙදා ගත්
අඳුර නුඹ
ප්‍රේමයේ වදනින් ම නිමැ වූ
ගැහැණිය ය ඔබ
ප්‍රේමය
No comments:
Post a Comment