Friday, October 5, 2012

ගං ඉවුරට ඔබ ආවොත්

ගිටාරයක් සිම්බලයක් අත්බෙරයක් රැගෙන එන්න
මධුවිත හැර ඔය ඉවුරක මත් වෙන තුරු ගී කියන්න
අතීතයක මළ මතකය සිහි කර කර කවි ලියන්න
ගිටාරයක් සිම්බලයක් අත්බෙරයක් රැගෙන එන්න


මඳ සුළඟට ඈ කවියක් වුණු මතකය බොඳ කරන්න

යුද සමයක ගන අඳුරක මියැදුණ පෙම සිහි කරන්න
හද අත්ලෙන් ගෙන මිරිකා මිය ගිය කවි යළි ලියන්න
ගං ඉවුරට ඔබ ආවොත් හැකි ය වැළඳ ගෙන හඬන්න

2 comments:

  1. එහෙනම් මමත් ගං ඉවුරට එනවා අඬන්න හදවතේ හිරවෙච්ච මැරුණු පරණ මතක මිරික මිරිකා කවි හදන්න. වෙනස් කවි සිතුවිල්ලක්...! ලස්සනයි..!

    ReplyDelete