වෙස්සන්තර,
මා ඇඹෙණි සෙනෙහෙ මිස
සිතා ගත නොහී මට
ඇගේ අයිතිය මටද
ඈ ඉල්ලා එන
ඕනෑ බමුණෙකුට දන් දෙන්ට..
දන් දෙන්නේ කොහොමද මං
දරු දෙන්නා වුව
බමරුන් පොඩි නොකරාවිද
මගේ කුඩා මල
මට බුදු බව එපා ඉතින්
එහෙම වුණොත් 'හෙම
මං මැරේවි මං මැරේවි
මන්ද්‍රී දේවිය
සෙනෙහස නම් අයිතිය සෙනෙහස පටු ගසකට
දේවිය නුඹ රිසි නම් හැර ගියාට කම් නැත
බැඳුමෙන් හිත මුදවා මල් පිපේ ය එදිනට
එහෙම නැතුව කොහොමද මං දන් දෙන්නේ නුඹ
අගෙයි... රහයි... වෙනස් මත වලට මම කැමතියි...
ReplyDelete