Tuesday, December 4, 2012

පෙම්වත



අප අතර නටන සුළඟෙහි නැටුම
පහත් බිම දර්ශනයන්ගෙන් වසා ගමි
ළැම පලා මා ළයට
ඔබට කතා කළ හැක පෙම්වත

සුදු පරවි පෙඳ විසිරුණ
කූඩුවක දොර හරිමි
දහසකුත් කවි සමඟ
දැන් ඉතින් පියඹන්න
පෙළා මහ සමුදුර
සොරා ගත් කුරවි ගීයෙන

ඉන්දියානු සාගරයට විසි කළ හැක ඔබට
පාව එනු පිණිස ඔබේ ප්‍රේමය
එ විට ඔබ පෙම මැනිය හැක මට
මුහුද විසුරණ ලවණ රසයෙන


Author: Jan van Goyen
Landscape, Painting, Oil on panel, Diam. 15.5 cm
Origin: Holland, 1641

1 comment:

  1. ගොඩාක් ලස්සනයි මචං..යොදාගෙන තියෙන වචන සුපිරි ..

    ReplyDelete