Monday, December 3, 2012

මිනීමරුව, සල්ලාලය, අවිවාහකය,

කණේ පහරක් ගැසුවා සේ
විසංඥ වී සිටිමි
ඉර, හඳ තරු කඳු මිහිදුම්
නිමක් නැති සයුර මා දෑසින්
දකින බව කී

ඉන්දියානුවකුට අසු වුණෙමි
ඔහු මිනීමරුවෙක් විය හැක
ඔහු සල්ලාලයෙක් විය හැක
වාසනාවට මම විවාහකයෙක් වීමි

එහෙත් ඔහු මට කීවේය
කේරළයේ නිලඹර
කුඩා තරු කැට දිදුලන බව
රාමායනය පහුර කොට
රාවණා බිමට පැමිණිය හැකි බව
මුහුදින් වෙන් ව සිටිය ද
අපේ හදවත් එකට ගැහෙන බව
ඉතින් මත් වන්න අවැසි ද වෙන යමක්
ඔහු මිනීමරුවෙක් විය හැක
ඔහු සල්ලාලයෙක් විය හැක
වාසනාවට මම විවාහකයෙක් වීමි

ඔහු කීවේ ය මට
ඔහුගේ ආත්මය හඬන බව
මට දැක ගනු පිණිස අහසට
සඳ තරු විසි කරන බව
මුහුදකින් වෙන් වුණු කඳුළු නිසා
මුහුදු දිය ලුණු රස බව
තුරුපත් සලිත කර හමා යන සුළඟේ
මගේ සිත දකින බව
ගැඹුරු නිල් පාට කඳුවලට
ආලය කරන බව

මිනීමරුව, සල්ලාලය, අවිවාහකය,
මම මිනික්බිති නො එමි
ඔබේ මලයාලම් කවි අහන්නට

Pic. - 'The Lucky One'

No comments:

Post a Comment