Wednesday, December 5, 2012

ආලයෙන් මම

ආලයෙන් මම පිබිදී සිටිමි
මලානික මලක් පුනරුදය ලබන්නා සේ
එහෙත් එය මා පෙළයි
විහඟුන් කෙත් ඉහළ ඉගිල යයි
මට අවැසි යි ඔබ මුව සිඹින
වී කරලක් වන්න

පෙම්වත ඔබ දුප්පතකු බව මම දනිමි
ඔබ හිඳින අගුපිල හඳුනමි
ඔබ ඇස් දෙකින් කුඩා කල දකිමි
මම ද එක්තරා රටෙක රජයකින්
බැට කන ආගන්තුක යුවතියක්මි
ඉතින් ලොව සියලු පාලකයිනට එරෙහි ව
අපි අපේ පන්තියේ ආදරය ගයමු!!

No comments:

Post a Comment