Tuesday, January 1, 2013

කාලිදාසයනි මම මේඝදූතය වෙමි

කාලිදාසයනි මම මේඝදූතය වෙමි
සෙමින් සෙමින් සෙමින්
ගිනි බිඳින මුදු දෑස මඟ හැර
ඔතමි රාමායනයේ අසෝක මලක හාදුව
මුළු රැය ගෙවී යන තුරු ම
සුභ රාත්‍රී මනෝහර ස්වප්න පතා
ආකස්මික ව නික්ම යා නොහැක මට
ගනිමි හද බස කලතා
පෑන් තුඩ වෙතට රුධිරය
සකු බසින් ආලය කරනට උවමනා නැත
නිල් ඇස් ඇති ව කවුළුවෙන් එබී
මඳ සිනහ වස්සන විට
කාලිදාසයනි මම මේඝදූතය වෙමි

pic. - "Becoming Jane"

No comments:

Post a Comment