Thursday, January 24, 2013

තියාගනින් තොපේ කවිය මට වහ පද වගේ



තියාගනින් තොපේ කවිය මට වහ පද වගේ
අර - සඳා ඇවිත් නෝක්කාඩු ජනේලයෙන් එබේ
අඩේ අහගනින් මොකටද කඩේ තියෙන වඩේ
කවි රහමෙර බොමුද සඳේ මත් වෙන්න ම වැඩේ

අපි රැවටෙයි ඕවට ගස්සාගෙන යන සඳ
ආවොත් නම් වෙළෙන්ට ගිර සුමිහිර කවි බඳ
යන්ට පාර අමතක වෙයි කිව්වට මොකටද
සංසාරේ වගේ තමයි බැලුව ම කවි පද

අර - සංසාරේ වගේ කියා කිව්ව නොවෙද දැන්
කවියන් දන්නේ මොනවද සසරක වං හුං
සතර පදේ ගැට ගහලා කිව්වට යන්තං
සතර අරිය සත දිනුවද තොප වැනි කවියන්

කිව්වට අර සඳේ උඹට ඉරිසියාව හිතිලා
බුදු හාමුදුරුවො කිව්වේ අම රස කවි කරලා
දිනුව වෙලේ සසර බැම්ම කීතු වලට කඩලා
සසර ම කැණිමඬලක් යැයි කීවේ කවි ගොතලා

බුදු හිමි දෙසු පමණින් අම පරම අරිය සත
තොප හිතුවද කවි කියලා දිනන්ට භව පොත
අර ඇරිලා අපාය ගෙන යනවද කවි විත
තොප යන විට නිවනට කවි කියවන අය නැත

pic. - cathycashspellman.com

2 comments:

  1. ෂහ් මරේ මරු - අමුතුම ආරක් - මගේ සිත් ගති!
    ජය!

    ReplyDelete