Thursday, January 3, 2013

දිව්‍යමය පෙම්වත

අමතමි කඳුකර සානුවට
උස් වන්න තැත් නොදරන
සිසිරයේ පසු දින ද
සිප ගනිමි මම ඔබ

මල් වැසි ලෙස වැටෙන්නට උවමනා නැත
අසෝක මල් උයන
තනි වන්නට ද උවමනා  නැත
රාමායනය සිදුරු කර
එවමි මම මේඝ දූතය
ඔහේ ඇවිද යන වලාවක සුළඟක් මෙන්
තබමි මා පෙම් කවිය ඔබ රළු දෙතොල් මත
දිව්‍යමය පෙම්වත
වැළපෙන ඇස් සමඟ නොපෙනී යන
ධූමයෙන් පිරි කඳුකරයෙහි
වලා රොදක් මෙන්

Pic. - "Njan Gandharvan"

No comments:

Post a Comment