Monday, January 28, 2013

ඕඝ තරණය කරන නැව් බඳ

ඕඝ තරණය කරන නැව් බඳ
තනා දී ඉගිලුණ සුපෙම්වත
විරහවේ රුදු පලා පෙති ගෙන
කලා සොළසක් මවමි නුබ ගබ

මරණීය සුසුමක් ම තැවරෙන
ඔබේ ඇස මත පහන් එළියට
සංසාරෙ පොඩි අඩි පාරවල
අතරමං වුණි අදර මඳ නල

ආදරය ඇස මත තබා ගෙන
කූද්දන රිදුමකින් ඇහැරෙන
විටදි අමතක වුණු ගමන් මඟ
තාර පථ එළි කළා නුබ භග

නුඹ අතැර මා ආව දා සිට
නොපිපුණත් හිත හෙව්ව තඹුරුව
මඩ දියෙහි සඳ පහන වෙව්ලන
නිවා දැමුවා විසල් නියඟය

pic. - guardian.co.uk

1 comment:

  1. හොද ලිපියක් අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/

    ReplyDelete