Friday, January 11, 2013

නුඹේ හිතත් සැලෙනවාද අරුංගලේ රන්




දිව එන කොට මල් මුහුලස කෙස් කලඹ තියන්  
නුඹේ හිතත් සැලෙනවාද අරුංගලේ රන්  
ළැම ගෝමර පිරුණු කතා කියන මනහරන්  
නගේ නුඹ යි හේතුකාරි නොවේ ඉතින් මං
 
මං අසිහි ව කුරුලු කිරිලි කවට කතා දැන්  
තුඩින් අරන් ගිනි ගත් හද නිවනවා ගිමන්
ඉතින් නුඹට හැමදාමත් සුබ ම මංගලම්  
තිලක තියා ගත් නළලට හරි නුහුරු යි මං 

මල් මුතු මල් ගැවසි සාරි අඳින රත්තරන්  
නුඹේ නුබට තරු ගෙනේවි හිතේ හිත්තොසින්  
කුමට වලා කැරලි අරන් අහස නෙතට වන්  
කවි පමණයි හිතට උරුම සතුට නුඹට නම් 


pic-
makeupandbeauty.

No comments:

Post a Comment