Friday, February 15, 2013

ස්වර්ග සැප සොයා යන බැතිමතුනි..


ගෙවී ගිය දෙපය ඔසවා වැරෙන්
ලොතැරැයි උරගා බලනට යමි
දිරා ගොස් ඇත යනෙන හැම විට
ඇඳ ගිය සුදු ඔසරි දාරය ද දැන්
වසත් කල ගස්වල
පත් දිග ඇරෙන සද්දය
අසනු බැරි ලෙස ඇතැම් විට
වැසී යයි සියලු කවුළු ද
අන්ධකාරය ද ගලා එයි
හද ඉසියුම් තැන් පුපුරුවා
එහෙත් නිසොල්මන් ව ම
තව තවත් සැතපුම් කණු පසු කරමි

ආඩම්බරකාර වෘක්ෂයෙහි
මහත් අග පල පුෂ්පයෙහි
අනුහස් සහිත අස්නක්
එපා යයි දැඩි ව පවසමි
හඬ ගාන හිත ම අරගෙන
තව තවත් දුර යමි
පියාණෙනි ඔබගේ රාජ්‍යයට
නොවුවමනාදැයි මා
තවත් නොඅසමි

පන්දම් පදක්කම් ලබන්නට
සිත නොදෙන නිසාවෙන්
සාක්කුවල කඳුළු පිරුණ ද
ඇස් දෙකින් සිනාසෙමි

නොවිකුණන්නෙමි මම
මාගේ ධර්ම රාජ්‍ය‍ය
මා වෙනුවට ස්වර්ග සැප
සොයා යන බැතිමතුනි..
එහෙත් මම සිඹිමි
නුඹ නොහඳුනන මල් සුවඳ
කෙසේ නම් සිඹින්නද
නුඹ එය?


pic. -
wallpapers.brothersoft.com

No comments:

Post a Comment