සිඳී යන ගඟ දියක වියළ යන සිහිනයක
මිලින වූ කුසුම් පෙති විලස අහසින් මිදී
මං නොරැඳි රළු බිමෙක කටු පඳුරු ලිහාගෙන
අකල්හී මුව සිඹින සොඳුරු මල් වැසි වසී
කස පහර මෙන් වැදී තුරින් තුර අග වෙළී
සියුම් කටු තුඩු ඇනී සිදුරු හද සිතුවමේ
තැනින් තැන වදන් නැති ව ම ගලන සුසුමෙහී
අලුත් වියමන් කියා කුමට උවමන් ළෙහී
සිතු කුඩා මලක වුව මල් වැස්සකට තෙමේ
pic. -mkstarr-icons.livejournal.com
No comments:
Post a Comment