Wednesday, June 26, 2013

සොයුරිය,

ගුරුවරියක් ගඟට පැන මිය යයි. - පුවතක්

Brad Kunkle, Unknown Title

වියෝ දුක් දැනෙන හිත් ළඟ මිහිරි අකුණක් ව ගුලි වෙමි
ගල් ගැහෙන අහස ළඟ නූල් පන්දුවක් වී නැවතෙමි
දිය රැළි සිඳ බිඳන් නුඹට එනු හැකි නම්
නුඹේ සිත සුමුදුවට සිප ගමි

සිතේ රූ සඟවා ගඟ ගලා යන්නැති සයුරට
නුඹේ ඇස් වගේ එළි මල් හිනැහේවි ඉඳ හිට ජැටිය පිට
දුක ජීවිතේ ඇත්තයි නුඹ විඳ තිබූ විදිහට
ඒ වුණත් දුකට පැරදීම මහත් නපුරක් මැ යි සොඳුරිය

වසන්තය ඇවිද යයි කවුළුවෙන් විටින් විට ඈතට
ඒත් ගහ කොළ මල් තනි රකියි නුඹේ හිත තනිවට
ජීවිතේ ණය තුරුස් අපට මිස නොවේ ඒ ලෝකෙට
හැම මොහොත මල් පිපෙයි අපේ ඇස නොදැක්කත් සොයුරිය

pic. - Brad Kunkle, American

2 comments:

  1. //ජීවිතේ ණය තුරුස් අපට මිස නොවේ ඒ ලෝකෙට/


    ඇත්තෙන්ම ගොඩක් ලස්සනයි .

    ReplyDelete
  2. LASSANAI, ISTHUTHI, AI METHANA DUKAK NEDDA.

    ReplyDelete