තලන විට හැඩි දැඩි කසවලින්
වඩ වඩා නොතකමි
සුවඳ පැනින් නහවමින්
වැඳ නොවැටෙමි
බැගෑපත් නොවෙමි
නොපැමිණෙමි මම
ඔබේ දෙවොලට
ළඟ දණින් වට
මහත් දන නොතකා
දෙවියන් වුව සලකාද
දනිමි හැම විට මම
ඔබ එසේ නොකරන බව
යහපත් දෙවියෙකු නම්
නොසිඹිනු මන්ද
හද පිපි කුසුම්?
නොනැඟිටිමි අස්නෙන් මම
දෙවොල් විහාර බෝ මළු අසල
හඬා නොවැටෙමි මම
මහත් ප්රතිමාවන් හද මළුව මත
නිතොර නැඟී සිටිනා බැවින්
කවුළුවලින් හිස් යොමා
නොපතමි කිසිදු පැතුමක්
එ නයින් ම සබඳ
මා පැතුම් ඉටු ව නැත
බොහෝ දුදනන් දිනනු දැක දැක
පෑදි දිය මෙන් බලා ඉමි මම
මල් උගුලුවා ගසින්
නොකරමි යාදින්න
නොපැමිණෙමි මම
ඔබ දෙවොලට
ඔබ ඔ'වැනි නම් ඉතින්
කුමට පැමිණෙම්ද මම
උදේ හවස තෙහෙට්ටු ව
ජනී ජනයා අතර තෙරප
ජීවිතය ගැට ගහමින්
මුළු මඟ ඇවිද යමි මම
ඔබ ව මට නොතරම් ය
දෙවිගඟ.
Pic. - Louis Ritman, American, 1889 - 1963
No comments:
Post a Comment