Saturday, June 29, 2013

"අනේ මාමේ මේ කරාබු දෙක මගේ අම්මාට ගිහින් දෙන්න"

කතරගම රූපසුන්දරිය වූ ප්‍රේමවතී මනම්පේරි 1971 දී ඝාතනය කරන්නට පෙර ඇගේ ඉල්ලීම වූයේ, (ඇල්ඩීන් සිල්වා මහතා අමතමින්),
"අනේ මාමේ මේ කරාබු දෙක මගේ අම්මාට ගිහින් දෙන්න" 

.
.


සරුංගල් වගේ නොව පුන් සඳ අහසේ
තරුන් කල් බලා ඉඟි මැරුව ද පහසේ
දරුන් මා ඇකේ ගුලි වුණු සිරි නිවසේ
අරුංගල් දෙකත් එව්වද පොඩි දවසේ

මලක් වගේ නුඹ මිණිවර වූ දවසේ
කෙතක් වගේ අස්වනු පිපුණ යි දෑසේ
ගඟක් වගේ ගුණයට ගෙන දුන් රූ 'සේ
කනක් පියුම් වුව සැඟවුණි පුත රාසේ

නෙතු උපුලා වැව් පතුලා ගිලුණාද
රුහිරු හෙළා මල සූරා දැමුවාද
පහුරු ගහන් ගොර මෘගයන් තැලුවාද
මඟ නිලමින් පිපි මගෙ මල මැරුවාද

ගොම්මන් කළුව එද්දී හැඬු කඳුළු කඳ
මුරුගන් දෙයියනේ නුඹවත් නොදිටීද
යන් මන් නොදැන සුදු මුදු මල තලන සඳ
දෙවිඳුන් එසක් නුඹ අස්නට මක් වීද??

[කඳුළක් මිස කවියක් ලියනට බැරි ය
 තැවුලක් ඇත හද උගුලාලන සරිය]

https://www.youtube.com/watch?v=GNIuivwf_qQ

https://www.youtube.com/watch?v=45Ze0hlzHYY

https://www.youtube.com/watch?v=SezjmACqVxw

https://www.youtube.com/watch?v=cwEklt9jzXg

https://www.youtube.com/watch?v=ZEHPVwocPLQ

[Source - http://www.dinamina.lk/manchu/art.asp?id=2013/04/16/mpg08_0]

2 comments:

  1. කියන්න වදන් නෑ පුතේ....

    ReplyDelete
  2. ඔබේ කවියට මගෙන් මල් මිටක්

    ReplyDelete