Wednesday, June 12, 2013

යම් දෙසක, යම් තැනක

Grain

බුබ්නොව්, අප හමුවේවී
මේ ලොවේ යම් දෙසක
යම් තැනක
උස් කඳු මුදුනක් උඩ
පැතලි තැන්නක් මත
නිම්නයක මීන යුවලක් වී
ගසා යන අතර හෝ
අප හමුවේවි
යම් තැනක යම් දෙසක
කහ පාට එළි වැටෙන පාළු පාරක් අතර
පටු කොරිඩෝවක හදිසි ගමනක් අතර
ගල් ගැසුණු මුහුදු වෙරළක් අසල
හෝ ඉඳින්
පාට ගෑ වසන්තය අතර මැද
යම් දෙසක, යම් තැනක

pic. - Alexander Pavlovich Bubnov, Russian, 1908 - 1964

1 comment: