Wednesday, June 5, 2013

සියුමැලිය,



සලපතල මළුවක විසුළ දැව සඳුන ගිනිගෙන වාග් පල
නඟන කල කතර ළය ඉඳහිට මිණිදැදිරි වෙයි සුපුල් මල
බඳ රැපැයි ලාලිත අඟන ඛණ්ඩනය කොට ඉන් නොයෙක දැල
රළ මවා නල අතර අහසට විසි කරන්නෙය මලවි කුල!!!

එ ද සොඳැයි සියුමැලිය ඔබ හද 'රුමැසියෙන් නැඟි පලිඟු මිණි කැල
විද අඳුර ගිල ගත් ගෙපැල දුක්පත් කෙළෙඹි දන කරයි එළි පෙළ
පෙඳ රළ රළැති සොයා තී අහසට එස ව සැළමුතු ව නී රළ
පද සැරද තොසැති සිත මවා මියුලැස මැනව දුක දුබලැති කළ

pic. - Zoe_McIver-Underwood

No comments:

Post a Comment