Wednesday, June 26, 2013

සේකර ව හමු වුණොත් පොඩි හාදුවක් දෙමි.

Alessandra Roberti, Due Amici

පැහැදිලි අහස මත
හිරු නැඟෙන යාමෙක
රන් තැටියක් අරන්
කිරි පැණි වගුරාවි සඳ
මම අහසට නැඟී මහත් අරුමැසි අතර පාවෙන

කවිය පාරුව කරන් අසෞම්‍යයෙන් පලා යන්නෙමි
අහසෙහි පැල් බැඳන් පලක් නැති කවියක් ව ඉන්නෙමි
මම සමනලියක්මි ගහ කොළ මල් උරා බොන්නෙමි
සුමුදු අත්තටු අරන් මිහි සිඳු සිසාරා යන්නෙමි

ලොන්ග්ස්ටන් හියුස් තබා සේකරවත් නොහඳුනමි
රූමී ව හඳුනමි ආලයෙන් වෙළී මත් වන්නෙමි
ජීවිතේ දුක 'තැර චමත්කාරය අතට ගන්නෙමි
සේකර ව හමු වුණොත් පොඩි හාදුවක් දී යන්නෙමි

විමසන්න එපා මා කුඩා කෙල්ලක පමණි
කවිකාරියක් නොවෙමි කලාවත් නොහඳුනමි
උඩ පැන පැන පැන දුවමි හිම මල්  සිප ගනිමි
රතු මේපල් අතු දිගේ නිල් කැට මල් සොයමි

Pic. - Alessandra Roberti, Italian, Born 1971

No comments:

Post a Comment