Tuesday, July 2, 2013

සැප්තැම්බර් කඳුළු



මේ වරත් සැප්තැම්බරය
කඳුළුවලින් දිය වෙන වගයි

ගිය වරේ හිතුවෙ මං
හීන සීයක් අරන්
තව අවුරුද්දකින් නම්
රස්සාව හම්බු වෙයි
වසන්තය එයි
මල් පිපෙයි

බෑගෙක පුරෝගෙන
පොත් යාළුවෝ දැම්ම ම
මගේ හදවත තුළට පැන
උනුන් දිය බුං ගහයි

අවුරුදු හතරක් ම
කල් දැමූ හීනෙත් එය යි
සැප්තැම්බරය ඇවිත් ආයෙ ම
හිතනලන්තේ වගේ පොත් ගන්න
හිතන්නවත් බැරි වුණාට

ඉතින් මේ සැප්තැම්බරෙත්
කඳුළුවලින් දිය වෙයි


Pic. - Fernando Pessoa [Viaggio nel Mondo, I libri ci danno un diletto che va in profondità, discorrono con noi, ci consigliano e si legano a noi con una sorta di familiarità attiva e penetrante.]


1 comment:

  1. රස්සාවක්.. පඩිපතක්...
    හීන මහගොඩක්..
    ඇතත් ඉතින්...
    හැමදාමත් වෙන්නෙ
    පොත් කදු දිහා බල බල
    පොතක් දෙකක් අතට ගෙන
    ආපසු හැරී එන්නටයි......

    ReplyDelete