Wednesday, July 24, 2013

වචනත් නොවන කඳුළු සහ ලේ




ඒ වචන ඔබේ වචන
ඔබේ හද රිදවමින්
පන්හිඳට ආ වචන
තීන්ත බොඳ කරමින් විසිවුණු
ඔබේ ජීවිතය
සුව නොවන රිදුමින් ගහණ
වචනත් නොවන
කඳුළු සහ ලේ
මිතුර

දහවල කාෂ්ඨක මැද
ගිනි පුපුරු දහදිය සමඟ විසි වුණ
හිම වැටෙන රාත්‍රීන්හි
තනිකමෙන් ගල් වී ගිය
උණුසුමක් කියා යම් දෙයක්
තිබී ළය යට සුරැකි ව
වේදනාවෙන් උමතු වී ගෙන
ගලා ආ තෙත ඇසකින

ඒ ඔබේ වචන
ඒ ඔබේ ජීවිතය

ඔබේ ගොරහැඩි අත
නැවත නොදෙනු පිණිස ම
දිගු කරනු මැන ඉඳින්
සිපගන්න ඈත සිට

Picture - Max Gasparini

1 comment: