Monday, July 15, 2013

ජෙම්මා, නුඹට සිප ගත නොහැකි වුණ තෙතබර ම හදවත



තක්කඩිකමට සිප ගතිමි
ඉස්තරම් ලොවිච්චි ගවුම
ජෙම්මා නුඹට සිප ගත නොහැකි වුණ
තෙතබර ම හදවත මම

කඳුකරයේ රන් අහස මත
මා සොයන විට නොදන්නා අපමණ
සියුම් රුහිරු බිඳුවක් වී කොණක
ඔබ උන්නා උණුහුමක් දී ගෙන
'ආතර්' ය මුමුණමින්
ආදරේ වන්න ඉඩක් නොලැබ ම
මා හෙවූ පාට ගෙන ඈතට
ඉගිල ගිය හැටි වැරදීමකින් ම ය

ස්නායු තෙරප ගෙන
ගලා ගිය හැඟුම් විහඟුන් ගඟ
ගල් ගැහුණු තැන එතැන නුඹ ම ය
කඩතොලු ව දැනෙද්දී ආලය
මා දුටු ඈතාලෝකය ද නුඹ ම ය
කොනිත්තද්දී ළදරු ප්‍රේමය
සොයද්දී අහිමි පිය සෙනෙහස
ම' හද ඇමිණුණු මගේ දිවියට
එකම තැන - පරම තැන - එතැන නුඹ
මම නොදත් තරමට

පසු සටහන :
ආදරණීය Ethel Lilian Voynich ,
සමාවන්න මට. මම ඇටමැස්සාට ආලය කරමි.


Pic. - August Rush Movie

No comments:

Post a Comment