Sunday, July 21, 2013

හැංගිමුත්තන් කරන්න කවුරුන්ද අද කැමති?

Lili Gribouillon, Cache-cache

හැංගිමුත්තන් කරන්න කවුරුන්ද අද කැමති
උණ බටෙන් දුනු හදන්න ඊට පස්සේ බැරියැ
අහසෙ තරු වුව ගණින්න වෙමු ය මහ ඇදුරන් අපි
දැන් ඉතින් මේ වෙලාව අප ඉන්න තැන් හොයන්න

තුරු අතර අපි සැඟවෙමු
තණ බිස්ස යට බැරි මොකෝ
කනමැදිරි රැළ මහ නරක
එපා එළි අප හට ලොකූ

අඳුර විනිවිද දුවන්නයි
අපට අප ඇස ලැබෙන්නයි
අප සොයා එන කළු කබා 'ඳුර
නැණෙන් නිති මඟ හරින්නයි

Picture - Lili Gribouillon, French

1 comment:

  1. මැෂිමකින් වගේ කවි දානවනේ මේ කෙල්ල.

    ReplyDelete