Friday, July 5, 2013

බැරිද මට කාලයක් ආපස්ස හරවන්න?

Anna Lee Dey Stacey, September on the Hillside

රේඩියෝව කරකවමින්

මධුමාධවි අහන්නට
කෝරළේ මහත්තයා දැන්
ඒවි යැයි කියන්නට

කුඩා නියර පෙළ දිගේ
ඇවිදගෙන යන්නට
ආයෙ දවසක් ඒවි යයි
නිකමට හෝ හිතන්නට

වතුරකඩ ගලින් බැඳ
ඇළ වේලි තනන්නට
එඬරු වැට අද්දර
ඉස්කෝලේ ඇරී
එනතුරු මඟ බලන්නට
උම්මග්ග ජාතකේ
මහෞෂධ වෙන පාර කපන්නට 

නිකමට හෝ ආයෙමත් 
ඔබ එතැයි හිතන්නට

ඔබ හිටිය නම් මට
මෙහෙම තනි කම නැති බව
කුමාරයෙක් වගේ මම
රාස්සයන් පරදනා වග
ලියා යවනට ඔබ වෙත
ඇත්තේ ම නැද්ද විදිහක්
ඔබ කොහේදැයි මට
හොයා ගන්නට විදිහක්

කැරැල්ලට දුව ගිහින්
කළු ගලේ හැප්පෙන්න
අම්බරුන් පෙළ ද
අමතක නොකර ගෙන යන්න
ගිගුම් දෙන වරුසාවෙ
ඉලුක් කොළ අතරින්න
බැරිද මට කාලයක්
ආපස්ස හරවන්න

* සීයාට

Pic. -
Anna Lee Dey Stacey, American, 1865 - 1943

No comments:

Post a Comment