Thursday, August 1, 2013

සමුගැන්ම අමතක ව

Woman with Red Blooms and Evening Landscape
පෙර මතක දහසක් සමඟ
ඈඳි ගෙන සන්ධ්‍යාව
රන් පැහැය මතුව එන අහස අග
අයෙක් ළතවෙමින්
සමුගැන්ම අමතක ව

එක සැණින් හිත උදුරමින් මුදු ව
නුබ නොපෙන ගිය පෙමක මුල සිහි ව
සිනහවක් පාට ගෑවත් ලවන
හදවතෙහි මතකයක් දුම් දමන
අයෙක් ළතවෙමින් 'ඳුරු අහස අග
විස්ටාරියා මලක දුක සිහි ව

* For Sakai

Picture - Karen Rieger, Canadian, Born 1960

1 comment:

  1. හඳවතට ගොඩාක් ලෙන්ගතු ගීතයක්.

    ReplyDelete