Monday, August 5, 2013

ගේ කුරුල්ලා තව ම ගණිනවද පෙර මතක

Gaardinteriør Ribe

ලේන්බාන්වීදීයෙ හුරු පුරුදු නිවහන අතැර
ගේ කුරුල්ලා තව ම ගණිනවද පෙර මතක
අඩ සඳේ එළි සමඟ ගසා එන සිඳු සුළඟ
සොයනවද මුහුදු වෙණ නොඇසෙනා දුරක සිට

රාත්‍රිය දිගු ඇතිද අකුරු සැනසුම් මිත ද
හද රැගෙන සුර අඟන ගිය පාර මල් පෙතිද
දෙණි පුරා වන ගුල්ම ඇවිද ගිය මතකයද
සොයන්නේ කාලයෙන් ගිලී ගිය ඇස ඇති ව

Picture - V. Albertsen, Danish, 1800s

No comments:

Post a Comment