Friday, August 2, 2013

තරු විසිරුවා වලා

Image Found on the Web

වැඩ මතින් පැන යමි
කඳු මතෙහි නැවතෙමි
සඳු නැඟෙන තුරු ඉමි
නිදි මතෙහි ගැවසෙමි

හැම විට ම වැඩ කියා
එමට ඇත පොත් ලියා
දෙමට මල් දුටු ලියා
වැඩ අතැර පැන ගියා

සිඳුගෙ රළ මත සලා
දුක අහක විසි කළා
ඇඳ අහස මත කලා
තරු විසිරුවා වලා

Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

2 comments:

  1. ලස්සනයි.. හැබෑටම

    කම්බි කනු ගැට ගසා
    සිමෙන්තිද ගල් දමා
    හදා දුන් කන්ද බොට
    මදිද මේ ආ ටිකට

    වැඩ ටිකක් කර යන්න
    කදු පාත් කර ඉන්න
    ඉන්පසුව බැරිය බොට
    ඕන කන්දක ලගින්න

    ReplyDelete
  2. රචිකාවියට තමන්ගේ ස්වොහාත්සයෙන් ලබා ගත් ජයග්‍රහණ පැන දමා පළා යන්නට සිතී ඇති බව නොඅඩුව පෙනෙන යස පැදි පෙළකි.. (දේශක විචාරක)

    ReplyDelete