Thursday, August 29, 2013
එහෙත් නොකියා ම බැරි ය මිතුරිය
රොබරෝසියා ගස සරසවියේ
මෑතකදි හැමූ සුළඟකට
කඩා වට
අප උන්නෙ ඒ ගහ යට
එකල්හී
ගයමින් නොයෙක ගීත
හැකි පමණ රළු ස්වරවලින
හිනැහෙමින් බිමට එන
මල් කිනිති අහුලමින
කාලයත් සමඟින්
නික්ම ගිය විගස සරසවියෙන්
නුඹට ලද බව ලොකු තනතුරක්
අහන්නට ලැබුණා
'කමක් නෑ ඈ මගේ මිතුරියක'
මමත් හිතුවා
හමුවුණා ඒ ලොකු තැනදි
අහම්බෙන් නුඹ
ලංකාර සොබාවෙන්
නැළවිලි ආඩම්බර ගමනින්
'කොහොමද?' අසා යන්තමට සිනා වී
නික්මුණා ඔබ
අඬන්නැති මහා සරසවිය
මගේ හිත ළඟ
ඒත් ඇඬුවෙ නෑ මම
අප එකට ගත කළ
සවස්වරු උදාවන්
විදුලි වේගයෙන්
දිව ගියා හිත යට
අසා උන් හැටි නුඹේ ප්‍රේමය
බිඳක් අත නොහැර ම
ඇඬුවෙ නෑ මම
නොහෙලුවෙමි එකදු සුසුමක් ද
එහෙත් නොකියා ම බැරි ය මිතුරිය
ලේ ගලන්නට විය
මගේ හදවතින්
Picture owner - unknown
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment