Sunday, September 1, 2013

කෝකිල හඬ කොයි ?



කෝවක්කා මලක් එබෙයි
කෝ කෝ කෝ කියා අහයි
කෝමල කෝලැති ගති ඇති
කෝකිල හඬ කොයි

කෝංපිට්ටුවක් තනනට
කෝවිල ළඟ හැන්දෑවට
කෝඩුකාර හිත අරගෙන
කෝවංගුව, නාපු නිසා
කෝවෙහි ලා හදත හැකිද
කෝඩය වැහි කොයි
කෝලස්වර හඬ නඟනා
කෝඩය වැහි කොයි

ගැට පද :-
කෝවංගු = මැණික්වල තිබෙන සුදුමැලි
කෝලස්වර = වීණාවක්

Picture - Marek Langowski

No comments:

Post a Comment