Monday, September 9, 2013

දේවදාර ගස් පේළිය යටින් ඉඳන්



දේවදාර ගස් පේළිය යටින් ඉඳන්
රේල් පාරෙ ඇවිදින දුම් අඟන බලන්
කතා කරපු ඉස්කෝලේ පිච්ච වැලින්
කඳුළු වැටෙනවද තාමත් නොමැති සොවින්

මිහිදුම් දිය ගලනා විට
නිම්නයෙ තුරු පත් අතරට
සිනහ වෙවී කසු කුසු ගා
හූ කිව් නිරිඳොත් සිටියා
උඩරට මැණිකේ හනිකට
බඳ සොලවා පා තාලෙට
නොතකා වගතුග අරුමැති
පිනි යායට හිනා වුණා

අපි හමුවුණු තැන නම් නුඹ
නොදන්නවට පොත් ගුලමැය
පත් ඉරුවක ඇස තබාන
ගණන් හැදුවෙ ඒ ඔබමැය
කවියක්වත් නොආ සිතට
පැන්සල් තුඩ අසරණ වී
සැලලිහිණියෙ ඉරි ඇන්ඳා
දැන නොගෙන ම නුඹ සිටියට

Picture - BandarawelaCentralCollege Facebook page

9 comments:

  1. //කවියක් වත් නො ආ සිතට
    පැන්සල් තුඩ අසරණ වී
    සැලලිහිණියෙ ඉරි ඇන්ඳා
    දැන නොගෙන ම නුඹ සිටියට//
    ලස්සණ යි....

    ReplyDelete
  2. "දේවදාර ගස් පේලිය යටින් ඉඳන්" -
    ඒ පදයම මට කවියකි, අර පෙනෙන කවුළුවෙන් ඈතට මතකය ඉගිල්ලෙන

    ReplyDelete
  3. දෙන්ට බැරිද ලියලා මට ගීතයක්?

    ReplyDelete
    Replies
    1. තේමාව කුමක්දැයි
      කියා එව්වොත් මැනැවැයි..

      Delete
    2. වෙසෙස් තේමාවක් නෑ මගේ හිතේ
      ලියන්න ඔබ කැමති දෙයක්,

      Delete
    3. බ්ලොග් එකේ දකුණු පස තිබෙන "කඳු ගී" ලේබල් එක පිරික්සා බලන්න.
      කඳු ගී (21)

      සමහර විට, ඔබ කැමති පද රචනයක් තියෙන්න පුළුවනි.

      එහෙම නැත්නම්, මට කියන්න.. තේමාවයි රිත්මයයි... එවිට, මා අලුත් එකක් ලියා දෙන්නම්.

      Delete
    4. හොඳයි බලමුකෝ, මං තනුවක් ඔලුවට ආවොත් එවන්නම්, නැත්තං මේවා කියවල බලන්නම්, දිගටම ලියන්න, ඔබේ ලියවිලි ලස්සනයි.

      Delete