Wednesday, September 11, 2013

ශ්‍රැති සුගයන්නී විශ්‍රැතියෙන් අඳ



තාල මැවූ මෘදු වාදන වෘන්දය
ඛණ්ඩිත හද බිත කරන නිබන්ධන
රංජන අංජන මත ඇඳි නන්දන
කම්පන කරවයි මතකෙහි බන්ධන

භෘංගාවනි තෙපි ශෘංගාරය හැර
ගංගාවෙහි මන මෝහන ලාලන
ශ්‍රැති සුගයන්නී විශ්‍රැතියෙන් අඳ
සංහාරය කර සෘතුවෙහි අවසර

Picture - Susan Seddon Boulet

4 comments:

  1. භාෂාව අපූරු යි. ලස්සණ යි.

    ReplyDelete
  2. රාව සත්සර නගන මෙවදන්
    හොයා ගත්තාද කොතැනින් ?

    ReplyDelete
    Replies
    1. අඳුරු දුක් අතරින්
      කතර කිහිරඟුරු සිඹිමින්
      සොයා ගත්තා නොවේ
      ඇදී ආවා සිතට

      තුරු පත්හි සර සමඟ
      ගුමුගුමුව නඟන දොළ
      ගෝන අඟ, මුව මුහුණ
      සිපන් මුදුතාව ගෙන!

      Delete