Friday, September 13, 2013

ගංගා යමුනා ආදර ගං දිය



අන්ධකාරෙට එළි විහිද එන
අන්තිම බසයේ ගුලිවෙයි සැනසුම
පසෙකට ඇලවුණ උරහිස අරගෙන
සඳ පැන එන විට ගෙයි දොර ඉනි වැට
කතරට එක සැණ ඇද හැලෙනා මෙන
ගංගා යමුනා ආදර ගං දිය

හිමියනි දුක දෙනවද මුදු පිට කොඳු
තක්කඩි අවු රළ කළු ගැහු මුව මුදු
දෙපා කෙඩෙත්තුව නිවනට දිය බිඳු
ගෙන එන තුරු විඳ ගනු මැන පෙම සිඳු

සඳ පායා අස අහසෙහි සක්මන
දුටුවද හද හස ලියලන ලස්සන
උතුරා යන සඳ දිය මත වස්සන
ආලය පිය හිමි හද මත අස්සන

Picture - Antoine de Villiers

3 comments: