ආන් ජුන් උදක් ම කියා සිටින්නේ මේ පින්තූර
ෆොටෝෂොප් නොකළ ඒවා බවයි. ඇතැම් විට
සන්නාහය වගේ ආරක්ෂිත ක්‍රියාමාර්ග භාවිත
කළත්, මේ නිර්භීත තරුණිය සියලුම ඡායාරූපවලට
පෙනී සිටින්නේ ගොඩනැගිලි කොන් වල එල්ලෙමින් හෝ අහස සිඹින කවුළුවලින් පිටතට
එබෙමින්.
ලොව පුරා තිබෙන ඉතා උස ගොඩනැඟිලි මත මහත් අඩමාන
ආකාරයන්ගෙන් තම රුව ඡායාරූපයට නගමින් කලා ලොව කැලඹූ ඇගේ මේ ව්‍යාපෘතියේ නම
‘Self-Portrait’ (‘ස්ව ඡායාරූප’).
හුඟක් අය මේ ඡායාරූප මහත් බියජනක ලෙස නිමැවුම පිණිස ඩිජිටල්මය වශයෙන් වෙනස්
කර ඇති බව කියා පෑවත්, මේ තරුණ ඡායාරූප ශිල්පිනිය නම් කියා
සිටින්නේ මේ ඇත්ත ඡායාරූප බවයි.
ඇය කරන්නේ කැමරාවේ මතක පත පිරෙන තුරු හැකි තරම්
ඡායාරූප ගැනීමට කැමරාවේ වේලා තබනය සකස් කොට අහස සිඹිනයක අග්ගිස්සේ ත්‍රාසජනක ලෙස
නැවෙමින්, ජනේලයෙන් රිංගමින් හෝ පහත අගාධය දෙස
දෙපයින් සිට බැලීම වන අදාළ ඉරියව්ව ගැනීම පමණයි.
ඉන්පසු ඇය දහසක් පින්තූරවලින්,
ඇය බියසුලු ව
පෙනෙනවාට වඩා සාමකාමී ව හෝ චණ්ඩි ලෙස පෙනෙන
ඡායාරූප එකක් හෝ දෙකක් තෝරා
ගන්නවා.
තම ‘ස්ව
ඡායාරූප’ ව්‍යාපෘතිය ගැන ආන් ජුන් කියන්නේ
මෙහෙමයි.
“මගේ
තරුණ කාලය නැවත සිහි කරන විට, එක
දවසක් තිබුණා, නගරය දෙස බලමින් මං මගේ
නිව්යෝර්ක්වල
අපාර්ට්මන්ට් එක කෙළවරේ හිටගෙන හිටියා. මට එක පාරට ම හිතුණා,මගේ තරුණ කාලය අවසන් ව යන බව සහ අනාගතය ගැන බලන්න
මට බැහැ කියලා. මම අග්ගිස්සේ වාඩිවෙලා පහත බැලුවා. එතකොට මගේ ඇසට අසු වුණේ හිස්, ශූන්‍ය අවකාශයක්. අනාගතය - වර්තමානය, ජීවිතය - මරණය ගැන මා තුළ තිබූ සිතුවිලි
එසැණින් වෙනස් වුණා.
ඒ මොහොතේ මා දකිමින් සිටි නගරාවකාශයේ දර්ශනය
තථ්‍ය වුණේ නෑ. මට දැනුණා, අනාගතය කියන්නේ හරියට ම මනෝරම්‍ය ගොඩනැඟිලි සමූහයක මායාවක් වගේ.
එහෙමත් නැත්නම්, අප වටා තිබුණත්, අපට කිසි විටෙක ළඟා වන්නට නොහැකි පරමාදර්ශයක්
වගේ.
නැවත පහත බැලූ විට මා දැක්කේ, සැබවින් ම මා නැඟී සිටින්නේ හිස් අවකාශයක බවයි.
ඒ මගේ ‘වර්තමානය’ වුණා. ඉතින් මා මගේ පාවල පින්තූරයක් ගත්තා. ඒක
තමයි මගේ ව්‍යාපෘතියේ ආරම්භය.”
“ඇත්තට
ම ඒක ආරක්ෂිත තත්ත්වයක් නෙමෙයි. ඒත් මං හැම තිස්සෙ ම පරිස්සම් වෙන්නයි බලන්නේ.
ඇතැම් විට, ඒ එක් ක්ෂණයක්. මට හිතෙන්නේ,
ඡායාරූපකරණය
කියන්නේ එක ම මොහොතේ පවතින යථාර්ථය සහ සිහිනය, සත්‍යය සහ ව්‍යාජය” ආන් ජුන් වැඩිදුරටත් කියනවා.
ඉතින්, මේ පින්තූර දැකපු ඔබේ හිතට දැනුණෙ මොනවද? ඒක රහසක් නොවෙයි නේද?
ෂසිකා අමාලි මුණසිංහ
No comments:
Post a Comment