Wednesday, September 4, 2013
තවමත් යන්නේ කෝච්චියේ නම්..
හීන් තනිකමක් සමඟ
උදෑසන සවස ගමන
අරඹා නිම කරමි
පාදුක්ක ඉස්ටේසමෙන්
කිසිවෙකුත් නැත
අත වැනුමට
සිනාසීමට
යටත් පිරිසෙයින්
රැවීමට ගෙරවීමට
කඳුකරයේ සිටින
මා මිතුරු මිතුරියන
හිත අගිස්සෙන් මතු වෙයි
මහා තනිකමක් දැනෙයි
කවුළුවක් අසලට සේන්දු ව
බලා යමි සිනා වෙන අත වනන
වෘන්දාව
පෙළින් පෙළ
පාදුක්ක වටරැක
අතරමැද
රබර් පේළිය
මා හොඳින් දන්න
ඉන් පසු කඩිනමින්
හිස් වෙල් තලා පසු කොට
දිය සීරා සොයා යන්න
ස්නානය කරන දන දැක
අහක බලාගෙන
මීගොඩ, හෝමාගම,
පන්නිපිටිය, ගොඩගම
තව බොහෝ දුර යන්න
හැකිද මිතුදම රැගෙන
තුන්වැනි පන්තියට එන්න
තවමත් යන්නේ කෝච්චියේ නම්..
Picture - Michael Aldoshin, Russian
Subscribe to:
Post Comments (Atom)
උඩරට මාර්ගයේ කතාවත් මීට තරමක් සමානයි. රබර් වතු වෙනුවට ලදු කැලෑ සහ තේ වතු.. බලවේග දුම්රියට සීමා නොවුණු දුම්රිය..
ReplyDeleteඋදයට වයරින් කර කණ සමඟ හිස
ReplyDeleteනිල්පාට දුම්රියේ පැද්දෙම්
යහළු පක්ෂීන් කණෙන් ඇද
වර්චුවල් ගී මුමුණන
පානදුරයෙන් බෙලි කඩාගෙන දුවන අය බලන
ඒකෙන් මේකට පනින
මේකෙන් ඒකට පනින
දහක් දන
හැම කෝච්චියටම දත නියවන
මොරටුවෙන් සුනාමියක් මෙන්
රතු-මහත-කොට ආන්ටිලා ගලන
අසමබර ඒ අයට නිතර ක්ලාන්තය ඇති වෙන
කාඩ් අනන කාඩ් ගසන
අනංග රැළ ඉඟ සුඟ මනින
වැරදී සුකුමළ මුහුණ අතගාන
අන්සතු සුවඳ සිඹින
ගල්කිස්සෙන් මරණීය වංගුව ගන්න
කවුරුත් කාගේත් ඇගට වැටෙන
සොරි කියා කකුල් පාගන
හයි හීල්ස් සිනිඳු පා හිල් කරන
පත බූට් සිනිඳු පා නිල් කරන
ඒ අයත් සොරි කියන
මහලේකමෙන් බාගයක් බහින
සාරිපොට කලිසමේ පටලැවෙන
කොණ්ඩා කැබලි ෂර්ට් අත් මත පැටලෙන
යුහුසුළුව පැටලුම් හරින
'යන්නම්'කියමින් බැස දුවන
නිල්පාට කෝච්චිය
මහ දිග කතාවල පුංචි කොටස් පෙන්වන
මහත්වරු
ReplyDeleteඑහි බොහොම යන
නිදි කිරා වැටෙන
හදිසියෙන් ඇහැරෙන
තල්ලු වී මඳක් වේගෙන්
ඉඩ අල්ලා ගෙන
ලොකුවට හැරී බලයි
කිසින් නොවුණා ලෙද
අත නොපායි
කිසිවෙකුගේ බෑගයක් හෝ
අල්ලා ගනු පිණිස
ළතෙත් ව
ආවාට කැමති වනු නැත
කිසිදු සුවඳක් නො එන
කටකාර නැති
නිහඬ ළමයෙකුට..