158. දිවා රෑ බබළන - රිවි සඳු සෙ පෙනෙන දෙවියෝ
මෙ බඳු දෙවියන්ටත් - අතරතුර රාහුගෙන් බියවේ
භාවය:- හිර සඳ දෙදෙනා රෑ දවල් බබළත්. එ බඳු වෙනත් දෙවියෝ නො වෙති. මෙ වැනි දෙවිවරුන්ටත් රාහු ග්රහණයෙන් බිය ඇතිවේ.
160. නල සිළු තුළට වැද - සිහිල නල නො නැසී පවතිනෙව්
සමත නැණ මැතිවර - රදුන්වෙත නිති වැසත් නොනැසත්
භාවය:- සීතල වාතය ගිනිදැල් තුළට වැද විනාශ නොවී පවතින්නාක් මෙන් සමර්ථ නැණවත් මන්ත්රීවරු රජුන් සමීපයෙහි නරම වාසය කොටත්.
161. නිරිඳුන්ගේ තත ඉඟි - නො දත් මැතිවර නො දත් ගජිඳු
තෙසක් සිවුපා යුත් - මැති ඇති රදුට සිතුව සෑදේ.
භාවය:- රජුගේ සිතෙහි ඉඟි නො දත් මන්ත්රීවරු දළ නොමැති ඇත්තුය. ශක්ති තුනක් ඇති, සිවු උපා ඇති මන්ත්රීවරුන් ඇති රජුන්ට සිතූ දෙය ඉටුවේ.
162. නිරිඳුන් ඉදිරියෙහි - අකාරණ කන් කෙඳිරි නො කරව්
රද අදහස් ලෙසට - වදන් දෙව් දෙව් සබාවන මෙන්
භාවය:- රජවරුන් ඉදිරියේ කන්කෙඳිරි නො කරව්. රජ අදහස් අනුව සත්යන වාදී වදන් දෙව්.
164. කිසි කාරිය නැතත් - රදු හා මැතිඳු නිතියෙන්
සෙව් නැ දනන්ගේ - දනට රැකවරණයෙහි සුරකිව්.
භාවය:- කිසි කාර්යයක් නොමැතත් රජු හා ඇමති නිතර සේවනය කරන්නා වූ ජනයාගේ ධනයට රැකවරණයකි.
165. රදුන් සෙව්නා දන - නොළං නුදුරුව ගිනි තපින මෙන්
සිහි නුවනින් යෙදී - සප් රජෙකු මෙන් සිතා වැජඹෙවු.
භාවය:- රජුන් සේවනය කරන ජනයෙනි.ළං ද දුර ද නොවී ගිනි තපින්නා මෙන් සිහියෙන් හා නුවණින් යුතුව, නා රජෙකු මෙන් සිතමින් පවතිව්.
166. රජුන් උදහස් වුව - පෙරටුව උතුරු වදන් දෙන්නෝ
ගිනි ළග ඉටි විරෙන - ලෙසින් තම සිරිනි පිරිහීයත්
භාවය:- රජුන් කෝපයට පත්විට, ඉදිරියෙහි සිට පිළිතුරු දීමෙන් ගිනි ළඟ ඇති ඉටි දියව යන්නා සේ තමන්ගේ සම්පත් දිය කරවා ගත හැක.
167. රදුන් තිළිනෙන් මුත් - අන් සතකුගෙන් නොයේ දුක් ගිම්
වැසි වැස යන ගිමන් - යේද පිනිබටුවයි සතන්ගේ
භාවය:- මිනිසුන්ට ඇති දුක් නමැති ග්රීෂ්මය පහ කරන්නට හැක්කේ රජුන්ගේ පරිත්යාගයෙනි. මහා වර්ෂාවකින් පහව යා යුතු ග්රීෂ්මය පිනි වැටීමකින් කෙළවර
වේ ද?
168. රදුන් ලොබැති දෙයට - ලොබය නොකරව් පණට හිතැතොත්
පලඟැටි ගොදුරු පත් - වැටුප් මැද වැද නෑසුනු ලෙස වේ.
භාවය:- තමන්ගේ පණ රැකගැනීමට සිතතොත් රජතුමා ආශා කරන දෙයට ආසා නො කරව්.
ගොදුරු සඳහා පැමිණි පළගැටියා පහන මැදට වැටී නැසුණා මෙන් සිදුවන්නේය.
169. රදුන් බජනය කළ - කෙදන දනවත්ව බබළන
රන් නෙර ඇසුරු කළ - හැම සතන් එම පැහැය වන මෙන්
භාවය:- රජතුමා ආශ්රය කරන කවර කෙනෙක් වුවත් ධනවත් ව බබළති. රුවන් මෙර ඇසුරු කරන හැම සතෙක් ම රන්වන් පැහැය ගන්නා මෙනි.
170. නිරිඳු කිපුනේ තැනින් - පහව ගැලවෙති නැණැති සුදියෝ
එන සැර පහර දැන - ඉවත පැන ගැලවුනත් සමාවෙත්.
භාවය:- රජතුමා කෝප වූ විට, නැණැති මිනිසුන් වහා
එතැනින් පහව ගැලවෙති. ඉස්සරහට එන ඊ පහර දැක ඈතට පැන ගැලවුණ අය හා සමාන
වෙති.
171. රජු නඳින බඳුනා - සැරහෙන බුදින ඉදිනා
රජ සිරිති නෙකකුත් - නො කරව් සිතැති ඉඳිනා
භාවය:- රජුන් අඳින, පළඳින, බඳින, සැරසෙන, අනුභව කරන, විඳින විලාසිතාවන්ගෙන් එකක්වත් අනුකරණය නො කරව්.
172. රජුන් සිතතුළ කම් - නො දැන නොමඳව වදන්දෙන්නෝ
නො ඇඳ සිවුසැට විල් - රාජවිල් කෙළනවුන් වැන්නෝ
භාවය:- රජුන්ගේ සිත් තුළ ඇති අදහස් නො දැන ඔහු ඉදිරිපිට වචන ප්රකාශ කරන්නෝ කොටු නොමැති ව රාජවිල් ක්රීඩාව කරන්නා මෙනි.
ලෝකෝපකාරය
ඇයි තව තියෙන්නේ මැරුණත් ගැහැනුන් ගේ ගුණයක් කියන්න එපා කියලා.
ReplyDeleteතම ලිය ගුණ ඇතත් - නො කිය වියතුනි මළත් උන්නත්....
ගැඹුරට ම නොකිව්වත්, සමහර දේ එක්ක එකඟ වෙන්න බැරිදෝ කියා සිතුණා..
Deleteකාලෝචිතයි....................
ReplyDeleteකාලෝචිත වුනාට මාත්රාව ැවඩියි...කවි තුන හතරක් තිබුන නම් අති වගේ..
ReplyDeleteඒ කාලයේ තිබුන දේශපාලන වටපිටාව එලකිරි වගේ කවියා විග්රහ කරනවනේ.පරන ඒවත් හොයාගෙන කියවන්න හිතුනා..........................
ReplyDelete