Tuesday, October 29, 2013

නොසැලෙමි

Wang Long Sheng, Storm Is Coming

වසන්තය පමා වූ බැවින්

නොසැලෙමි සුළඟට ද

Picture -
Wang Long Sheng, Chinese, born 1944

5 comments:

  1. පමා වූ වසන්තය උදාවන තුරු මගබැලීම හැර අන්කිසිවක් අපට කළ හැකි නොවේ යැයි සිතීමට මම එකග නොවෙමි. අපට කළ හැකි දේ බොහෝය. ඉන් වසන්තය උදා නොවන බව සත්‍යයක් වන නමුත් එය නොකර සිටියා යැයි වසන්තය උදාවන්නේ ද නැත. එබැවින් වසන්තය උදා වුව ද නොවූව ද අපට කළ හැකි දේ ඒහා සමපාත නොකරගත යුතුය යන්න මාගේ හැගීමයි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ, වසන්තය පමාවුණා කියා නොසැලෙන බව. සුළඟටවත් නොසැලී ඉදිරියට යන්නයි හිතන්නේ.. මොහොතක් නැවතිලා දුර ඈත බැලුවා පමණයි :)

      Delete
    2. ඔබ කදූ,

      අපිට ජීවිතයේ විවිධ වූ බාධා මතුවෙනවා. ඔබ මේ කවියෙන් කුමක් අදහස් කළාදැයි මම දන්නේ නෑ. නමුත් මෙය මගේ ජීවිතයත් සමග නම් හරිම අගේට ගැලපෙනවා. ඔබ දන්නවා මෑතක දී ම ඔබට වගේ ම මටත් අහිමි වුණ බලාපොරොත්තුව ගැන. ඇත්තට ම අපි ඒ වෙලාවේ කතා කරා වගේ ම නොසැලී ඉන්නට පුළුවන් වුණා. මං හිතනවා ඒක ජයගත්තා ය කියලා. තව සති දෙකකින් මගේ ජීවිතයේ සම්පූර්ණ ගමන වෙනස් කරමින් මම කතිකාචාර්යවරයෙක් විදිහට කපිතන් තනතුරකට හමුදාවට බැදෙනවා. ඒක අමුතුම අත්දැකීමක් වෙයි. නමුත් මං දැන් ඉන්න තත්වයට වඩා ඒ ඇකඩමික් පැත්තට ආසයි. මං දැන් දන්නවා කලින් අවස්ථාවේ අහිමි වුණ දේ අහිමි වීමක් නෙමෙයි කියලා. ඇත්තට ම මේ දේ මට ලැබුණට පස්සේ කලින් දේ නොලැබීම ගැන මම සතුටු වෙනවා.

      ජීවිතය කියන්නේ ඔහොම දෙයක්. ඔබේ හැකියාව බොහොම දුරකට යන්න තරම් ප්‍රමාණවත් බව ‍ඔබත් දන්නවානේ. ඉතින් වසන්තය ළගක ම එන බව නම් මට ස්ථිරයි. එතෙක් නොසැලීම පමණක් නොවෙයි වසන්තයට සූදානම් වීම අත්‍යවශ්‍ය බව මාගේ අත්දැකීම අනූව කිය හැකි කරුණයි. ජීවිතය කියන්නේ අහිමිවීම් එක්ක යන දෙයක් නෙමෙයි. ඒක උත්සාහයෙන් ජය ගැනීම සම්බන්ධ දෙයක්. නිකම් අතට ලැබෙන කිසිදෙයක් අගේ නැති වුණාට මහන්සි වෙලා උපයාගන්නා සියල්ල අපිට ජීවිතය තරම්ම වටිනා බව නොකිවමනාය.........

      Delete
    3. ජීවිතේ පාරවල් දෙකක් තියෙනවා.. එකක් වැරදි පාර.. අනෙක හරි පාර.. වැරදි පාරේ ගියොත් හුඟක් ඉක්මනට දියුණුව, තනතුරු, උසස්වීම්, ධනය ලබාගන්න පුළුවන්.. හරි පාරේ යෑම හුඟක් වෙහෙසයි, කම්කටොලු, කඳුළු සහ වේදනාවන් බොහොමයි.. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මේ වැරදි පාර තෝරාගන්න මටත් අමාරුයි.. වැරදි ලෝකෙක වැරදි පාරක් තෝරා ගැනීම සාධාරණීකරණය කළ හැකියි කියා යම් අයෙක් කීවත් සමහර අයට ඒක කරන්න අමාරුයි..
      ඒත්, මාත් හිතනවා හරි පාරේ යන කෙනා තමයි ජීවිතේ අරුත, සුවදායි උණුසුම මැරෙන මොහොතේදී හරි ලබන්නේ කියල.

      මම මගේ ම කියල ව්‍යාපාරයක් පටන් ගත්තා. කණ්ඩායම් ඡායාරූපකරණය පිළිබඳ. මාර්කටින් නම් දුර්වලයි.. ඒත් විශ්වවිද්‍යාල ඡායාරූප ඇතුළු හැම සේවාවක් ම තහවුරු කර පෙන්විය හැකි පරිදි ගුණාත්මකයි.. නම VISION FOTO PRIVATE LIMITED.

      ඉතින්, ඔව්, අලුත් දවස් එනවා.. වැරදි මිනිසුන්ට හැම දා ම දිනන්නත් බෑ... මම එහෙම හිතන්න කැමතියි.. ඒ අලුත් දවසක හමුවෙලා අප ව පාගා දැමූ අය සිටින තැන් දිහා බලා වචන විරහිත ව අපි හිනාවෙමු!

      Delete
    4. අගෙයි කදූ,

      ඇත්තට ම සතුටුයි අහන්නත්. ඔබේ ගමන ඔබ යනවා ස්ථීරයි. මම ඔබ තුළින් දකින සුවිශේෂීත්වයත් එයයි. අපගේ දැවැන්ත ම ජයග්‍රහණය කිසිදා නොවැටී සිටීම නොව, වැටෙන වැටෙන හැම වාරයක දී ම නැගී සිටීමයි කියලා කොන්පියුසියස්තුමා කියලා තියෙනවා.

      තුෂාර විතාරණ

      Delete