පතන බිම් වසාගෙන
නැඟෙන දුම් කපාගෙන
කෙසඟ සල රුවක් ඇස ගැටෙන්නේ
උකුල දිය තියාගෙන
හිසෙහි බර දරාගෙන
කවුරුන්ද ගිනිගෙයට ඇදෙන්නේ
තෙතබරිත කෙහෙරැළෙන් තව සීත දැනෙන්නේ
අවට වට හීන් අඹමල් පුසුඹ හමන්නේ
උදුන උණුසුම සැණෙන් මැවෙන්නේ
ගෙයක සුව ඈ අතිනි තැනෙන්නේ
මඳ මඳ ව කර ගැහෙන තැටි මත රොටී පිරෙන
කට්ට සම්බලය ගෙන ගලේ ඇඹරුණු සොඳින
තේ කහට උගුරක් ය සොයන්නේ
ඇය නොවෙද දෙව් ලොව ම තනන්නේ
Picture - inside.lk/food/recipe/lunu-miris-onion-sambola
No comments:
Post a Comment