පින්සල් තැනින් තැන
හිස් ඔසවාගෙන
බිත්ති මුලුවල එල්ලීගෙන
ජනෙල් පඩිය උඩ
කියවන්ඩ හිතූ පොත්
උඩ බලියගෙන
ඉන්දන්න හිතූ පැළ
දාහය ගෙන නැවී ගෙන
බත් තම්බනව බෙදනවා හැර
ඇතිද අන් කිසිවක් කුල ගෙය
කෝ මේ පුතාගෙ රෙදි හේදුවේ නැද්ද තාම
බුදු පිළිමෙ තියන්ඩ ඕනි සාලෙ, මේ මොකද මේ
රෙදි වේළන්නෙ කොහොමද ඔහොම
වැලක් බැඳගන්න ගෙයි මැද
බෝනික්කො මොනවටද හැදි තියන්න
එල්ලන්න මේක අන්න අතන
Picture - Olga Sushkova, Russian
No comments:
Post a Comment